Tuesday, June 25, 2019

දහනව වන සියවසේ ජන ජීවිතය ( කොළඹ දිස්ත්‍රික්කයේ පුරාණ විහාරස්ථාන කීපයක සිතුවම් ඇසුරෙන්)

 විවිධ කාලවල විවිධ අධිරාජ්‍යයන්හි යටත්විජිතයක් වූ ශ්‍රී ලංකාව දහනව වන සියවසේ දී බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් විය. එම විවිධ වූ ආක්‍රමණිකයන්ගේ සංස්කෘතික රටා ඒ ඒ කාලවල දීම ලාංකීය සමාජය තුල මුල් බැස ගත්තේය. මේ නිසා ශ්‍රී ලාංකික ජනතාවගේ ජිවිත හා ලාංකීය සමාජය මෙන්ම සංස්කෘතිය ද වෙනත් රටවල සංස්කෘතිකාංග සමඟ මිශ්‍ර වූ ඒවා බවට පත් විය.  දහනව  වන සියවස වන විට ශ්‍රී ලංකාව එවැනි සංස්කෘත ආභාසයන් කිහිප‍යකින්ම පෝෂිතව තිබුණේ ය. එම නිසා දහනව වන සියවසේ ජන ජීවිතය  කෙබඳු ආකාරයක් ගත්තේ දැයි අධ්‍යයනය කළ යුතුම මාතෘකාවක් ලෙස හඳුනා ගත හැකිය.  මීට උචිතම ප්‍රදේශය කොළඹ අවට ප්‍රදේශය ලෙස හඳුනාගත හැකිය .  ඊට හේතුව විදේශීය ආක්‍රමණ සිදු වූ පසු කොළඹ ප්‍රදේශය ඔවුන් සියලු දෙනාගේම ප්‍රධාන මධ්‍යස්ථානයක් වී තිබීමයි. ඒ ආකාරයට  දහනව වන සියවසේ ජන  ජීවිතය සොයා යෑමේ දී පාදක කරගත හැ කි මූලාශ්‍රයන් බොහෝය. දහනව වන සියවසේ රචනා වූ ග්‍රන්ථ, ලිපි, සෙල්ලිපි, විදේශීය වාර්තා, සිතුවම්,  ගෘහ නිර්මාණ ලක්ෂණ, ජනශ්‍රැ ති, එම මූලාශ්‍ර අතිරින් කිහිපයකි මේවා අතරින් මා මූලාශ්‍ර ලෙස ගනු ලබන්නේ සිතුවම්ය. දහනව වන සියවසට අදාලව කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ විහාරස්ථාන කිහිපයකම දහනව වන සියවසේ දී සිතුවම් කරන ලද සිතුවම් හමුවේ. එම නිසා කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි කරගම්පිටිය සුබෝධාරාම විහර සිතුවම්,  කෝට්ටේ රජමහා විහාර සිතුවම් ,  මහරගම විපස්සනාරාම සිතුවම් අධ්‍යනය සඳහා යොදාගත හැකිය. ඒ අනුව මෙම පුරාණ  විහාරස්ථානවල සිතුවම් ආශ්‍රය කර ගනිමින් දහනව වන සියවසේ ජන ජීවිතය කෙබඳු ආකාරයක් ගත්තේදැයි ඉදිරි  සටහන්වලදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

කරගම්පිටිය සුබෝධාරාමය - කොළඹ දිස්ත්‍රික්කය

              දෙහිවල පිහිටි මෙම විහාරය 1820 දී පිහිටවනු ලැබීය. මෙහි ඇති විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ එහි ඇති විශාල බුද්ධ ප්‍රතිමාවන් මැණ...