Tuesday, July 23, 2019

කරගම්පිටිය සුබෝධාරාමය - කොළඹ දිස්ත්‍රික්කය

              දෙහිවල පිහිටි මෙම විහාරය 1820 දී පිහිටවනු ලැබීය. මෙහි ඇති විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ එහි ඇති විශාල බුද්ධ ප්‍රතිමාවන් මැණික් එබ්බව වූ දෑස් සහිත වීමයි. විහාරයේ බිත්ති සහ වියන් පුරා නිර්මිත සිතුවම්  19 සියවසේ මැද භාගය හා අවසන් යුගයට අයත්ය.
             මෙහි ඇති සිතුවම් කෙරෙහි ද බලපෑ ඇත්තේ යුරෝපීය ආභාශයයි. මානව රූප සිතුවම්හි එම ආභාශය හෙදින් දැකිය හැකිය. සිතුවම්හි දැක්වෙන  ගෘහ උපකරණ බටහිර සංස්කෘතික ලක්ෂණයන් සහිත වේ.  විශේෂයෙන් කාන්තා රූපයන් යුරෝපීය සාය සහ හැට්ටය සහිතව දැක්වේ. පෘතුගීසි හා ලන්දේසි යුගයේදී මෙරටට පිවිසි යුරෝපා උපකරණයන් මෙන්ම ලී බඩු ඔරලෝසු හා රාමු කළ පින්තූර මෙම විහාරයේ සිතුවම් වල දක්නට ලැබේ.  මෙම විහාරයේ දැකිය  හැකි සිතුවම් කලාත්මක බවින් ඉහල තැනක් ගනී . මෙහි වියන පුරා මනස්කාන්ත වූ සිතුවම් නිර්මාණය කර ඇත. විහාරයෙහි සිතුවම් වල ඇති විවිධත්වය  හා ඒවායෙහි ඇති අලංකාරය හේතුකොටගෙන මේවා සංරක්ෂණය විය යුතු බවට විවිධ සංවිධාන තීරණය කොට තිබේ. මෙහි සිතුවම් හා පිළිම නිර්මාණය කරන ලද්දේ දේශීය චිත්‍ර ශිල්පියෙකු වන නදේ ශ්‍රි ගුරුන්නාන්සේ විසිනි.







No comments:

Post a Comment

කරගම්පිටිය සුබෝධාරාමය - කොළඹ දිස්ත්‍රික්කය

              දෙහිවල පිහිටි මෙම විහාරය 1820 දී පිහිටවනු ලැබීය. මෙහි ඇති විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ එහි ඇති විශාල බුද්ධ ප්‍රතිමාවන් මැණ...