Tuesday, July 23, 2019

කෝට්ටේ රජමහා විහාරය - කොළඹ දිස්ත්‍රික්කය

                    පහළොස් වැනි ශතවර්ෂයේ මුල් අවධියේ බිහි වූ විහාරස්ථානයක් වන මෙම රජමහා විහාරය කරවන ලද්දේ කෝට්ටේ රාජධානියේ රජ වූ හයවැනි පරාක්‍රමබාහු රජු විසිනි. කෝට්ටේ යුගයේ ලියැවුණු සන්දේශ කාව්‍ය කීපයකම රජමහා විහාරය පිළිබඳව සඳහන් වී ඇත. පෘතුගීසීන් විසින් කෝට්ටේ රාජධානියට කළ විනාශය නිසා මෙම විහාරයට ද අලාභහානි සිදුවිය.   19 වැනි ශතවර්ශයේ මුල් කාලයේ දී මෙම විහාරය වනගතව තිබූ අතර එහි තිබූ දාගැබ් සහ ප්‍රතිමා නටබුන් වශයෙන් පැවැතුණි. 1822 දී මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වී ප්‍රතිමා මන්දිරයක් මෙන්ම විෂ්ණු හා කතරගම දේවාලයක් ද ඉදිකරනු ලැබීය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකරන ලද නිසා මෙහි බ්‍රිතාන්‍ය බලපෑම පැහැදිලිව දැකගත හැකිය. එක් දොරටුවක මකර තොරණ යටින් සිතුවම් කර ඇත්තේ එංගලන්තයේ වික්ටෝරියා රැජිනයි. මෙම විහාරයේ මහනුවර ශෛලිගත සිතුවම්  සම්ප්‍රදායේ මූලික ලක්ෂණයන් සහිත දකුණු සිතුවම් ප්‍රවේශය මැනවින් පිළිබිඹු කරන දැකුම්කලූ සිතුවම් රැගත් ස්ථානයකි. 19  සියවසේ අග භාගයට අයත්  මෙම සිතුවම් සියල්ල සම්ප්‍රදායික මහනුවර සිතුවම් ප්‍රවේශය අනුව අනුගමනය කර ඇතත් වර්ණ භාවිතයේ දී කැපී පෙනෙන වෙනස්කම් දැකිය හැකිය. සිතුවම් සියල්ල සඳහා භාවිතා කර ඇති වර්ණ කැලණි විහාරයේ මහනුවර  සම්ප්‍රදාය පෙනෙන කොටසෙහි දැක්වෙන සිතුවම් වර්ණ වලට සමාන ය. රතු කළු කොළ නිල් හා කහ වර්ණ ප්‍රධාන වශයෙන් යොදාගෙන තිබේ. මෙම සිතුවම්ව වල නිරූපිත මානව රූපයන්හි ඇඳුම් පැලඳුම් ආභරණ යන්හි විවිධත්වය සහ විසිතුරබව මනස්කාන්තය. මානව රූප ඉරියව් ශරීර ක්‍රම දක්වා ඇති ආකාරය නිරික්ෂණය යෙදී ශෛලිගත සම්ප්‍රදාය කැපී පෙනේ. පොදුවේ පහතරට සම්ප්‍රදායේ ඇදුම් නිර්මාණයන්ගේ ලක්ෂණ පිළිබිඹු වෙයි.




No comments:

Post a Comment

කරගම්පිටිය සුබෝධාරාමය - කොළඹ දිස්ත්‍රික්කය

              දෙහිවල පිහිටි මෙම විහාරය 1820 දී පිහිටවනු ලැබීය. මෙහි ඇති විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ එහි ඇති විශාල බුද්ධ ප්‍රතිමාවන් මැණ...