Tuesday, July 9, 2019

දහනව වන සියවසේ බ්‍රිතාන්‍ය පාලනය - 1

                      1800 සිට 1899 දක්වා කාලය දහනව වන සියවස ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ  ප්‍රධානම විදේශ ආක්‍රමණ තුනකි. පීළිවෙලින් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින්‍ ය. ලොරෙන්සෝද  අල්මේ දා ප්‍රමුඛ පිරිස  නැව් මගින් ගාලු වරායට සේන්දු වීමත් සමග 1505 දී පෘතුගීසි ආක්‍රමණය සිදුවිය.  1802 දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ පිහිටි මඩකලපු වරාය වෙත ගොඩබට අද්මිරාල් ජොරිස් වෑන් ස්පීල්බර්ග් ගේ ආගමනයත් සමග ශ්‍රී ලංකාවේ ලන්දේසි ආක්‍රමණය සිදුවිය . වසර  158 තරම් දිගු ලන්දේසි පාලනය අවසන් කරමින් 1796 දී  ඉංග්‍රීසි  ආක්‍රමණය මෙරට සිදු විය.
                     දහනව වන සියවසේ යනු මෙරට ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය ලෙස නම් දැරූ යුගයයි.  1796 සිට 1948 දක්වා අවධිය බ්‍රිතාන්‍ය යුගය ලෙස හඳුන්වයි.  මේ රටේ පවතින බොහොමයක්  අංග  ප්‍රභවය වූයේ මේ කාලසීමාව තුළදීය. ආර්ථික හා දේශපාලන ආයතන, නීති හා උසාවික්‍රම, පරිපාලන ව්‍යුහය ආදී විශේෂිත වූ ක්‍රම කිහිපයක් විශේෂිත වෙයි.  මෙම යුගය විශේෂිත වන්නේ ඒ නිසාය.  1796 දි මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍යයන් යටතට  පත්වූ පසු කෙටි කාලයක් තුළ දිවයිනේ අනෙක් ප්‍රදේශ ද ඔවුන්ගේ යටත් විජිත විය. නොසැලී සිටි උඩරට රාජධානියද 1815 දී උඩරට ගිවිසුම හරහා විදේශිකයන්ට යටත් විය. 1818 උඩරට ප්‍රකාශනය‍ෙන්  එය වඩාත්  තහවුරු විය.
                    කෙසේ හෝ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස ශ්‍රී ලංකාව පත්කර ගත් පසු ලංකාව තුළ ආර්ථික සමාජ හා දේශපාලනමය ව්‍යුහය නවීකරණයකට භාජනය විය. 1832 කෝල්බෲක්  කැමරන් ප්‍රතිසංස්කරණ මෙන්ම 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ ද මෙම වෙනස්කම් වලට ප්‍රබලවම හේතු සාධක විය. ඒ අනුව කෝල්බෲක් හා  කැමරන් ප්‍රතිසංස්කරණ ලංකාව අලුත්  මාවතකට යොමු කරන ලද  බව සැලකිය යුතුය.









1 comment:

කරගම්පිටිය සුබෝධාරාමය - කොළඹ දිස්ත්‍රික්කය

              දෙහිවල පිහිටි මෙම විහාරය 1820 දී පිහිටවනු ලැබීය. මෙහි ඇති විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ එහි ඇති විශාල බුද්ධ ප්‍රතිමාවන් මැණ...