මෙහි ඇති සිතුවම් කෙරෙහි ද බලපෑ ඇත්තේ යුරෝපීය ආභාශයයි. මානව රූප සිතුවම්හි එම ආභාශය හෙදින් දැකිය හැකිය. සිතුවම්හි දැක්වෙන ගෘහ උපකරණ බටහිර සංස්කෘතික ලක්ෂණයන් සහිත වේ. විශේෂයෙන් කාන්තා රූපයන් යුරෝපීය සාය සහ හැට්ටය සහිතව දැක්වේ. පෘතුගීසි හා ලන්දේසි යුගයේදී මෙරටට පිවිසි යුරෝපා උපකරණයන් මෙන්ම ලී බඩු ඔරලෝසු හා රාමු කළ පින්තූර මෙම විහාරයේ සිතුවම් වල දක්නට ලැබේ. මෙම විහාරයේ දැකිය හැකි සිතුවම් කලාත්මක බවින් ඉහල තැනක් ගනී . මෙහි වියන පුරා මනස්කාන්ත වූ සිතුවම් නිර්මාණය කර ඇත. විහාරයෙහි සිතුවම් වල ඇති විවිධත්වය හා ඒවායෙහි ඇති අලංකාරය හේතුකොටගෙන මේවා සංරක්ෂණය විය යුතු බවට විවිධ සංවිධාන තීරණය කොට තිබේ. මෙහි සිතුවම් හා පිළිම නිර්මාණය කරන ලද්දේ දේශීය චිත්‍ර ශිල්පියෙකු වන නදේ ශ්‍රි ගුරුන්නාන්සේ විසිනි.
Panhinda.....
Tuesday, July 23, 2019
කරගම්පිටිය සුබෝධාරාමය - කොළඹ දිස්ත්‍රික්කය
දෙහිවල පිහිටි මෙම විහාරය 1820 දී පිහිටවනු ලැබීය. මෙහි ඇති විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ එහි ඇති විශාල බුද්ධ ප්‍රතිමාවන් මැණික් එබ්බව වූ දෑස් සහිත වීමයි. විහාරයේ බිත්ති සහ වියන් පුරා නිර්මිත සිතුවම් 19 සියවසේ මැද භාගය හා අවසන් යුගයට අයත්ය.
මෙහි ඇති සිතුවම් කෙරෙහි ද බලපෑ ඇත්තේ යුරෝපීය ආභාශයයි. මානව රූප සිතුවම්හි එම ආභාශය හෙදින් දැකිය හැකිය. සිතුවම්හි දැක්වෙන ගෘහ උපකරණ බටහිර සංස්කෘතික ලක්ෂණයන් සහිත වේ. විශේෂයෙන් කාන්තා රූපයන් යුරෝපීය සාය සහ හැට්ටය සහිතව දැක්වේ. පෘතුගීසි හා ලන්දේසි යුගයේදී මෙරටට පිවිසි යුරෝපා උපකරණයන් මෙන්ම ලී බඩු ඔරලෝසු හා රාමු කළ පින්තූර මෙම විහාරයේ සිතුවම් වල දක්නට ලැබේ. මෙම විහාරයේ දැකිය හැකි සිතුවම් කලාත්මක බවින් ඉහල තැනක් ගනී . මෙහි වියන පුරා මනස්කාන්ත වූ සිතුවම් නිර්මාණය කර ඇත. විහාරයෙහි සිතුවම් වල ඇති විවිධත්වය හා ඒවායෙහි ඇති අලංකාරය හේතුකොටගෙන මේවා සංරක්ෂණය විය යුතු බවට විවිධ සංවිධාන තීරණය කොට තිබේ. මෙහි සිතුවම් හා පිළිම නිර්මාණය කරන ලද්දේ දේශීය චිත්‍ර ශිල්පියෙකු වන නදේ ශ්‍රි ගුරුන්නාන්සේ විසිනි.
මෙහි ඇති සිතුවම් කෙරෙහි ද බලපෑ ඇත්තේ යුරෝපීය ආභාශයයි. මානව රූප සිතුවම්හි එම ආභාශය හෙදින් දැකිය හැකිය. සිතුවම්හි දැක්වෙන ගෘහ උපකරණ බටහිර සංස්කෘතික ලක්ෂණයන් සහිත වේ. විශේෂයෙන් කාන්තා රූපයන් යුරෝපීය සාය සහ හැට්ටය සහිතව දැක්වේ. පෘතුගීසි හා ලන්දේසි යුගයේදී මෙරටට පිවිසි යුරෝපා උපකරණයන් මෙන්ම ලී බඩු ඔරලෝසු හා රාමු කළ පින්තූර මෙම විහාරයේ සිතුවම් වල දක්නට ලැබේ. මෙම විහාරයේ දැකිය හැකි සිතුවම් කලාත්මක බවින් ඉහල තැනක් ගනී . මෙහි වියන පුරා මනස්කාන්ත වූ සිතුවම් නිර්මාණය කර ඇත. විහාරයෙහි සිතුවම් වල ඇති විවිධත්වය හා ඒවායෙහි ඇති අලංකාරය හේතුකොටගෙන මේවා සංරක්ෂණය විය යුතු බවට විවිධ සංවිධාන තීරණය කොට තිබේ. මෙහි සිතුවම් හා පිළිම නිර්මාණය කරන ලද්දේ දේශීය චිත්‍ර ශිල්පියෙකු වන නදේ ශ්‍රි ගුරුන්නාන්සේ විසිනි.
කෝට්ටේ රජමහා විහාරය - කොළඹ දිස්ත්‍රික්කය
පහළොස් වැනි ශතවර්ෂයේ මුල් අවධියේ බිහි වූ විහාරස්ථානයක් වන මෙම රජමහා විහාරය කරවන ලද්දේ කෝට්ටේ රාජධානියේ රජ වූ හයවැනි පරාක්‍රමබාහු රජු විසිනි. කෝට්ටේ යුගයේ ලියැවුණු සන්දේශ කාව්‍ය කීපයකම රජමහා විහාරය පිළිබඳව සඳහන් වී ඇත. පෘතුගීසීන් විසින් කෝට්ටේ රාජධානියට කළ විනාශය නිසා මෙම විහාරයට ද අලාභහානි සිදුවිය. 19 වැනි ශතවර්ශයේ මුල් කාලයේ දී මෙම විහාරය වනගතව තිබූ අතර එහි තිබූ දාගැබ් සහ ප්‍රතිමා නටබුන් වශයෙන් පැවැතුණි. 1822 දී මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වී ප්‍රතිමා මන්දිරයක් මෙන්ම විෂ්ණු හා කතරගම දේවාලයක් ද ඉදිකරනු ලැබීය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකරන ලද නිසා මෙහි බ්‍රිතාන්‍ය බලපෑම පැහැදිලිව දැකගත හැකිය. එක් දොරටුවක මකර තොරණ යටින් සිතුවම් කර ඇත්තේ එංගලන්තයේ වික්ටෝරියා රැජිනයි. මෙම විහාරයේ මහනුවර ශෛලිගත සිතුවම් සම්ප්‍රදායේ මූලික ලක්ෂණයන් සහිත දකුණු සිතුවම් ප්‍රවේශය මැනවින් පිළිබිඹු කරන දැකුම්කලූ සිතුවම් රැගත් ස්ථානයකි. 19 සියවසේ අග භාගයට අයත් මෙම සිතුවම් සියල්ල සම්ප්‍රදායික මහනුවර සිතුවම් ප්‍රවේශය අනුව අනුගමනය කර ඇතත් වර්ණ භාවිතයේ දී කැපී පෙනෙන වෙනස්කම් දැකිය හැකිය. සිතුවම් සියල්ල සඳහා භාවිතා කර ඇති වර්ණ කැලණි විහාරයේ මහනුවර සම්ප්‍රදාය පෙනෙන කොටසෙහි දැක්වෙන සිතුවම් වර්ණ වලට සමාන ය. රතු කළු කොළ නිල් හා කහ වර්ණ ප්‍රධාන වශයෙන් යොදාගෙන තිබේ. මෙම සිතුවම්ව වල නිරූපිත මානව රූපයන්හි ඇඳුම් පැලඳුම් ආභරණ යන්හි විවිධත්වය සහ විසිතුරබව මනස්කාන්තය. මානව රූප ඉරියව් ශරීර ක්‍රම දක්වා ඇති ආකාරය නිරික්ෂණය යෙදී ශෛලිගත සම්ප්‍රදාය කැපී පෙනේ. පොදුවේ පහතරට සම්ප්‍රදායේ ඇදුම් නිර්මාණයන්ගේ ලක්ෂණ පිළිබිඹු වෙයි.
බ්‍රිතාන්‍ය පාලනය - 2
බ්‍රිතාන්‍යයන් විසින් 1829 යෙදී ලංකාවේ සමාජ ආර්ථික තත්ත්වයන් පිළිබඳ වාර්තාවක් සකස් කිරීම් සඳහා විලියම් කෝල්බෲක් ගේ ප්‍රධානත්වයෙන් යුතු කොමිසම්ක් පත් කර එවීය. එවිටම මෙරට අධිකරණ කටයුතු විමසා බැලීමට කැමරන් ද එකතු විය. ඒ අනුව 1832 දී ල්බෲක් කැමරන් විසින් තම වාර්තා බ්‍රිතාන්‍යට යැවීය. එහි ප්‍රති ප්‍රතිඵලයක් ලෙස 1833 දී ශ්‍රි ලංකාවට කෝල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හිමි විය. එහි යෝජනා නම්
- රාජකාරි ක්‍රමය අහෝසි කිරීම
- රාජ්‍ය වෙළද ඒකාධිකාරියක් අහෝසි කිරීම්
- ඉංග්‍රිසි අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීම
- පළාත් බෙදීම් වෙනස් කිරීම්
- ඒකීය පාලන ක්‍රමයක් ඇති කිරීම
- විධායක සභාවක් හා ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම
- නීති හා අධිකරණ ක්‍රමයේ ඇති කළ වෙනස්කම්
- පරිපාලන ක්‍රමයේ ඇති කළ වෙනස්කම්
මේ ආකාරයට නවංග සමජයට එකතු වන විට සමාජයේ වෙසෙන මිනිසුන්ගේ ජීවිත ද වෙනස් විය. බ්‍රිතාන්‍ය පාලනය නිසා ඉහත සදහන් දෑ පමණක් නොව විවිධ වූ සංස්කෘතිකාංග රැසක් ද එක් විය.
මේ ආකාරයට අලුත් ආරකින් විකාශනය වන දහනව වන සියවසේ ජන ජීවිතය අධ්‍යයනය කිරීමට බො හෝ මූලාශ්‍ර ඇත. ඒවා අතරින් දහනව වන සියවසට අදාළ සිතුවම් තුළින් මෙම යුගයට අදාළ තොරතුරු හොදින් රැස්කර ගත හැකිය.
Tuesday, July 9, 2019
දහනව වන සියවසේ බ්‍රිතාන්‍ය පාලනය - 1
1800 සිට 1899 දක්වා කාලය දහනව වන සියවස ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානම විදේශ ආක්‍රමණ තුනකි. පීළිවෙලින් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින් ය. ලොරෙන්සෝද අල්මේ දා ප්‍රමුඛ පිරිස නැව් මගින් ගාලු වරායට සේන්දු වීමත් සමග 1505 දී පෘතුගීසි ආක්‍රමණය සිදුවිය. 1802 දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ පිහිටි මඩකලපු වරාය වෙත ගොඩබට අද්මිරාල් ජොරිස් වෑන් ස්පීල්බර්ග් ගේ ආගමනයත් සමග ශ්‍රී ලංකාවේ ලන්දේසි ආක්‍රමණය සිදුවිය . වසර 158 තරම් දිගු ලන්දේසි පාලනය අවසන් කරමින් 1796 දී ඉංග්‍රීසි ආක්‍රමණය මෙරට සිදු විය.
දහනව වන සියවසේ යනු මෙරට ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය ලෙස නම් දැරූ යුගයයි. 1796 සිට 1948 දක්වා අවධිය බ්‍රිතාන්‍ය යුගය ලෙස හඳුන්වයි. මේ රටේ පවතින බොහොමයක් අංග ප්‍රභවය වූයේ මේ කාලසීමාව තුළදීය. ආර්ථික හා දේශපාලන ආයතන, නීති හා උසාවික්‍රම, පරිපාලන ව්‍යුහය ආදී විශේෂිත වූ ක්‍රම කිහිපයක් විශේෂිත වෙයි. මෙම යුගය විශේෂිත වන්නේ ඒ නිසාය. 1796 දි මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍යයන් යටතට පත්වූ පසු කෙටි කාලයක් තුළ දිවයිනේ අනෙක් ප්‍රදේශ ද ඔවුන්ගේ යටත් විජිත විය. නොසැලී සිටි උඩරට රාජධානියද 1815 දී උඩරට ගිවිසුම හරහා විදේශිකයන්ට යටත් විය. 1818 උඩරට ප්‍රකාශනයෙන් එය වඩාත් තහවුරු විය. කෙසේ හෝ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස ශ්‍රී ලංකාව පත්කර ගත් පසු ලංකාව තුළ ආර්ථික සමාජ හා දේශපාලනමය ව්‍යුහය නවීකරණයකට භාජනය විය. 1832 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ මෙන්ම 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ ද මෙම වෙනස්කම් වලට ප්‍රබලවම හේතු සාධක විය. ඒ අනුව කෝල්බෲක් හා කැමරන් ප්‍රතිසංස්කරණ ලංකාව අලුත් මාවතකට යොමු කරන ලද බව සැලකිය යුතුය.
Tuesday, June 25, 2019
දහනව වන සියවසේ ජන ජීවිතය ( කොළඹ දිස්ත්‍රික්කයේ පුරාණ විහාරස්ථාන කීපයක සිතුවම් ඇසුරෙන්)
විවිධ කාලවල විවිධ අධිරාජ්‍යයන්හි යටත්විජිතයක් වූ ශ්‍රී ලංකාව දහනව වන සියවසේ දී බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් විය. එම විවිධ වූ ආක්‍රමණිකයන්ගේ සංස්කෘතික රටා ඒ ඒ කාලවල දීම ලාංකීය සමාජය තුල මුල් බැස ගත්තේය. මේ නිසා ශ්‍රී ලාංකික ජනතාවගේ ජිවිත හා ලාංකීය සමාජය මෙන්ම සංස්කෘතිය ද වෙනත් රටවල සංස්කෘතිකාංග සමඟ මිශ්‍ර වූ ඒවා බවට පත් විය. දහනව වන සියවස වන විට ශ්‍රී ලංකාව එවැනි සංස්කෘත ආභාසයන් කිහිපයකින්ම පෝෂිතව තිබුණේ ය. එම නිසා දහනව වන සියවසේ ජන ජීවිතය කෙබඳු ආකාරයක් ගත්තේ දැයි අධ්‍යයනය කළ යුතුම මාතෘකාවක් ලෙස හඳුනා ගත හැකිය. මීට උචිතම ප්‍රදේශය කොළඹ අවට ප්‍රදේශය ලෙස හඳුනාගත හැකිය . ඊට හේතුව විදේශීය ආක්‍රමණ සිදු වූ පසු කොළඹ ප්‍රදේශය ඔවුන් සියලු දෙනාගේම ප්‍රධාන මධ්‍යස්ථානයක් වී තිබීමයි. ඒ ආකාරයට දහනව වන සියවසේ ජන ජීවිතය සොයා යෑමේ දී පාදක කරගත හැ කි මූලාශ්‍රයන් බොහෝය. දහනව වන සියවසේ රචනා වූ ග්‍රන්ථ, ලිපි, සෙල්ලිපි, විදේශීය වාර්තා, සිතුවම්, ගෘහ නිර්මාණ ලක්ෂණ, ජනශ්‍රැ ති, එම මූලාශ්‍ර අතිරින් කිහිපයකි මේවා අතරින් මා මූලාශ්‍ර ලෙස ගනු ලබන්නේ සිතුවම්ය. දහනව වන සියවසට අදාලව කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ විහාරස්ථාන කිහිපයකම දහනව වන සියවසේ දී සිතුවම් කරන ලද සිතුවම් හමුවේ. එම නිසා කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි කරගම්පිටිය සුබෝධාරාම විහර සිතුවම්, කෝට්ටේ රජමහා විහාර සිතුවම් , මහරගම විපස්සනාරාම සිතුවම් අධ්‍යනය සඳහා යොදාගත හැකිය. ඒ අනුව මෙම පුරාණ විහාරස්ථානවල සිතුවම් ආශ්‍රය කර ගනිමින් දහනව වන සියවසේ ජන ජීවිතය කෙබඳු ආකාරයක් ගත්තේදැයි ඉදිරි සටහන්වලදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
Saturday, May 25, 2019
Subscribe to:
Posts (Atom)
කරගම්පිටිය සුබෝධාරාමය - කොළඹ දිස්ත්‍රික්කය
දෙහිවල පිහිටි මෙම විහාරය 1820 දී පිහිටවනු ලැබීය. මෙහි ඇති විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ එහි ඇති විශාල බුද්ධ ප්‍රතිමාවන් මැණ...
-
දෙහිවල පිහිටි මෙම විහාරය 1820 දී පිහිටවනු ලැබීය. මෙහි ඇති විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ එහි ඇති විශාල බුද්ධ ප්‍රතිමාවන් මැණ...
-
පහළොස් වැනි ශතවර්ෂයේ මුල් අවධියේ බිහි වූ විහාරස්ථානයක් වන මෙම රජමහා විහාරය කරවන ලද්දේ කෝට්ටේ රාජධානියේ රජ වූ හයවැනි පරාක...